Blog

මුල් පිටුව නැණසල මගින් අධ්‍යාපනය ලැබිය හැකි පාඨමාලාවන් නැණසල  සේවාවන් Brand new Computer මගේ නැණසල ගුරුන් අගමැතිදුගේ පැමිනීම අපගේ ව්‍යාපෘතින් අපේ ත්‍යාග ප්‍රධානෝත්සවය අපේ අලුත් අවුරුදු උත්සවය Institute Photos පිංතූර පිටුව නැණසල Album අපේ නැණසල පවුල -01 අපේ නැණසල පවුල - 02 My Notes & Files දැලේ පොඩ් වැඩ ට්කක් Other Important Web Links Blog

පරිගණක වෛරස්

August 21, 2011

පරිගණක වෛරස්

එක් පරිගණකයකින් තවත් පරිගණකයටත්, වෙනත් මාධ්‍ය හරහාත්, අන්තර්ජාලය ඔස්සේත්, පැතිරෙන මෙම කුඩා වැඩසටහන් බෝහෝ විට විනාශකාරි ප්‍රතිඵල ඇති කරයි. ඔබගේ වටිනා දත්ත නැති වී යාමටත්, පරිගණකයෙහි වේගය අඩු වීමටත්, මෙම ‍වෛරස් බලපානු ලබයි. නව ලොව ඉන්ටනෙට් හරහා එකට බැදී යාම සමඟම අවශ්‍ය දැනුම ති‍බෙන ඕනෑම කෙනෙකුට වෛරස් නිපදවා ලෝකයට නිදහස් කළ හැකිය.

VB, VB script, C++ , Java වැනි භාෂාවන්ගෙන් පවා වෛරස් වැනි හානිදායක වැඩසටහන් ලිවිය හැකිය. ඉලෙක්ට්‍රෝනික තැපෑල හරහා ඉතා පහසුවෙන් වෛරස් පැතිර යනු ලබයි. ඔබගේ ඉලෙක්ට්‍රොනික තැපෑලෙහි තිබෙන Spam කොටසෙහි තැපැල් පත් බැලීමට යාමෙන් ඔබ‍‍ගේ පරිගණකයට වෛරස් පැතිරේ. මෙම වෛරස් මගින් බේරිම සඳහා ඔබගේ පරිගණකයෙහි වෛරස් නාශක මෘදුකාංගයක් ස්ථාපනය කර තිබිය යුතුයි. වෛරස් නාශක මෘදුකාංගයක් ස්ථාපනය කර තිබුනද, එය යාවත්කාලීන නොකරරේනම් වෛරස් මගින් බේරිමට නොහැකි වනු ඇත.

 

බ්ලැක් හැට් (Black hat)

මෙනමින් හදුන්වන්නේ පරිගණක විනාශකාරි වැඩසටහන් නිපදවන්නන් හෙවත් හැකර්කරුවන්ය.

 

බොට් නෙට් (Bot net)

අන්තර්ජාලය හරහා විශේෂ පාලක පද්ධතියක් සාදාගෙන එයට වෙනත් පරිගණක‍යක් ඈදා ගෙන එක් පුද්ගලයෙකුගේ අනසක‍ට යටත් කරන ක්‍රමයකි. මෙහිදී පරිගණක පාවිච්චි කරන්නන්ට කිසිවක් නොදැනේ. එහෙත් පරිගණකයේ ඇති තොරතුරු බොට්නෙට් හසුරුවන්නා අතට පත්වේ. මෙසේ එය හසුරුවන්නා බොට්නෙ‍ට් හාඩර් කියා හදුන්වන අතර, බෙට්නෙට් ඇති පරිගණකය බොට් කියා හදුන්වයි.

කාඩර් ( Carder)

සොරා   ගත් ක්‍රෙඩිට් කාඩ් තොරතුරු විකුණන හෝ ඒවා සොරා...

[More]
Posted at: 02:52 PM | 0 Comments | Add Comment | Permalink

Posts by Date

Recent Posts

Archives